ඇඩ්සෙන්ස් වලින් තවත් මුදල් සොයමු - Adsense Revenue Sharing Programs (Tricks Free )


ඇඩ්සෙන්ස් වලින් තවත් මුදල් සෙවීමට නම් ඔබට “Adsense Revenue Sharing” වැඩසටහන් සමඟ එක්වීමට පුළුවන්। මෙමඟින් කෙරෙන්නේ ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුම භාවිතා කෙරෙමින් ඔවුන්ගේ වෙබ් අඩවි තුළ දැන්වීම් පළ කිරීමයි. නමුත් මේ සඳහා වඩාත් විශ්වාශී වැඩසටහන් තෝරාගැනීමට අවශ්‍ය වෙනවා. පහත දැක්වෙන්නේ එවැනි වැඩසටහන් කිහිපයක්...

Flixya – http://www.flixya.com/ Flixya මඟින් ඔබට ඡායාරූප හා වීඩීයෝ හුවමාරු කර ගැනීමට පුළුවන් එමෙන්ම මිතුරන් සොයා ගැනීමේ හැකියාවද තිබෙනවා। මෙහිදී ඔබට මුදල් ලැබෙන්නේ ඔබ Upload කරන ඡායාරූප හා වීඩියෝ නැරඹීමට පැමිණෙන අය විසින් ඔබගේ දැන්වීම් ක්ලික් කිරීමෙනුයි. මෙයට ඔබගේ ඇඩ්සෙන් ගිණුම සම්බන්ධ කිරීමට ඔවුන් අවස්ථාව සලසා තිබෙනවා. මේ පිළිබඳව වැඩි විස්තර ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

Magnify.net - http://www.magnify.net/මෙමඟින් ඔබට ඔබගේම වීඩියෝ හුවමාරු කිරීමේ වෙබ් අඩවියක් ඇරඹීමට හැකියාව තිබෙනවා। මෙය හා ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුම සම්බන්ධ කිරීමෙන් අනතුරුව මෙමඟින් ඔබගේ ගිණුමට අදාල දැන්වීම් ඔබට ලැබෙන වෙබ් අඩවිය තුළ පළ කෙරෙනවා। වැඩි විස්තර ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ලබා ගැනීමට හැකියාව සලසා තිබෙනවා.

තවත් මෙවැනි වැඩසටහන් පිළිබඳ විස්තරයක් අනාගතයේදී බලා‍පොරොත්තු වන්න.
Share on Google Plus

About Ktech

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment