ඔබේ Adsense ads , ඔබගේ web site තුළ පමණක් දර්ශණය කරවීම මගින් ඔබගේ Adsense Account ආරක්ෂා කර ගැනීම


මා ඔබට කලින් පවසා ඇති පරිදි ඔබගේ ඇඩ්සෙන්ස් දැන්වීම් ඇතුලත් කේතය හෝ ඔබගේ ඇඩ්සෙන්ස් හඳුනාගැනීමේ අංකය සොරකම් කිරීමෙන් යම්කිසි අයෙකුට ඉතා පහසුවෙන් ඔබගේ ගිණුමට අදාල දැන්වීම් නුසුදුසු වෙබ් අඩවි තුළ දර්ශණය කරවා ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුම අවලංගු කරවීමට. නමුත් දැන් නම් කිසි බයක් වීමට සිදු වන්නේ නැහැ. ඔබගේ ඇඩ්සෙන්ස් කේතය (Adsense Code) වෙනත් අයෙකු සොරකම් කළත් එය ඔබට අදාල නැති වෙබ් අඩවි තුළ පළ කළත් ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුම අවලංගු වීමක් සිදුවන්නේ නැහැ. ඒ සඳහා Google Adsense කණ්ඩායම අළුත් දෙයක් ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුමට ඇතුළත් කර ඇති. ඒ ඔබට අදාල වෙබ් අඩවි වල දැන්වීම් තුළ පමණක් දැන්වීම් පළ කිරීමට පමණක් ඔබ‍ට විධාන දීමට හැකියාව ලබාදී තිබෙනවා.

එය ක්‍රියාත්මක කරන්නේ මේ ආකාරයෙනුයි.
1.) පළමුව ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුමට ඇතුල්වන්න
2.) එහි ඇඩ්සෙන්ස් සෙටප් (Adsense Setup) ටැබ් එක මත ක්ලික් කරන්න.
3.) ටැබ් තුන යටින් දැක්වෙන නිල් පැහැති තීරුවේ වම් පස අයිනේම දැක්වෙන "Allowed Sites" මත ක්ලික් කරන්න.
4.) එහි ඔබගේ දැන්වීම් පළ කිරීමට අවශ්‍ය ඔබගේ වෙබ් අඩවි ඇතුළත් කරන්න.

එපමණයි! ඔබගේ දැන්වීම් අනතුරුව ඔබට අදාල නොමැති වල වෙබ් අඩවි තුළ දිස් වූවත් ඒවායින් ලැබෙන clicks හා impressions ගණනය වීමක් සිදුවන්නේ නැත.

Share on Google Plus

About Ktech

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment